උසස් පෙළ විභාගයේ විෂයන් 4ක් සදහා ගණක යන්ත්‍ර (Calculator) භාවිතයට අවසර

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4 ක් සඳහා ගණක යන්ත්‍ර (Calculator) භාවිතයට අවසර දී තිබේ. ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය යන විෂයන් සඳහා ගණක යන්ත්‍ර භාවිතා කිරීමට අවසර හිමිවනු ලැබේ.

ඉදිරියේදී තවත් විෂයන් කිහිපයක් සඳහා ද ගණක යන්ත්‍ර භාවිත කිරීමට අනුමැතිය දීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *