කොරෝනා පාලනය කිරීමට අදාළව රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරීක්‍ෂා කිරීම හෙට සිට

විවෘත කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්‍ෂා කිරීමේ කටයුතු හෙට (18) සිට ආරම්භ කරන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විවෘත කර ඇති ඇගලූම් කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීම මෙ වන විටත් ආරම්භ කර ඇති අතර, කොරෝනා පාලන වැඩපිළිවෙලට අනුව මෙය කි‍්‍රයාත්මක වේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගත නොවී කටයුතු කරන ආයතන සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටද රජය හා සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙන අතර, ඒ ඒ ආයතන ප‍්‍රධානීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ආයතන පරීක්ෂාවට පැමිණෙන පුද්ගලයින්ට සහය ලබා දෙන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *