සෙනසුරාදා පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය බන්ධනාගාර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් පාලනය කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මෙහෙයුම් කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, සිද්ධියෙන් අනතුරුව රැඳවියන් 104 දෙනෙකු දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොළොන්නරුව බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි.
මාරු කරන ලද රැඳවියන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් මහර බන්ධනාගාරය පිටත මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවද ඔහු පැවසීය.
මේ අතර, මහර බන්ධනාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින බැවින් රැඳවියන් බැලීමේ අවස්ථාව සඳුදා සහ අඟහරුවාදා දිනවලින් පසුව යළි ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


