මහර

මහර බන්ධනාගාරයෙන් ‘වෙඩි හඬ’. නොසන්සුන්තාවය මඩින්න පොලිස් විශේෂ කාර්ය බලකාය (VIDEO)

මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් උත්සාහ කර තිබෙන බව වාර්ථා වේ.

අද රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙමින් තිබුණා.

පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා මේ වනවිට යොදවා ඇති අතර ඇතුළත ගින්න පාලනය සඳහා ගිනි නිවන හමුදාවද කැඳවා ඇතත් ඔවුන්ව තවමත් බන්ධනාගාරය ඇතුළට කැඳවා නැත.

බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.”

මේ අතර සිදුවීමෙන් තමන්ගේ ඥාතීන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න විමසමින් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීහු පිරිසක් ප්‍රධාන දොරටුව අසළ කලබල කරමින් සිටින බවද වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *