මහරගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වයින් ගබඩා සඳහා සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි.

මහරගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වයින් ගබඩා සඳහා ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ සංගීත සංදර්ශන, සැණකෙළි සහ වෙනත් විවිධ අවස්ථා සඳහා දිනපතා නිකුත් කරන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙසයි.

මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර සමාජ සුබසාධන වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි. රජයේ නව සමාජ සුබසාධන වැඩසටහන සඳහා අයැදුම්පත් 13,377ක් ලැබී ඇති අතර පුද්ගලයන් 2,560කගේ අදාළ දත්ත මේ වන විටත් එක්රැස් කර ඇති බව අනාවරණය විය. සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *