බස්රථවල මගීන් ගමන් කිරීමේදී කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ හැකියාව පිළිඹද වාර්තාවක්

බස්රථවල ජනතාව ගමන් කිරීමේදී කොවිඩ් වෛරසයේ බලපෑම් එල්ලවිය හැක්කේ කෙබඳු ආකාරයෙන්ද යන්න පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කිහිපදෙනෙකු විසින් සකස් කරන ලද පර්යේෂණ වාර්තාවක් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

එම පර්යේෂණය වාරතාවේ දැක්වෙන්නේ,

  • බස් රථයක් ගමන් කරනවිට ජනෙල් විවෘතව තබන හෙයින් බස් රථය තුළට ගමන් කරන සුළං දහරාවන්හි වැඩිම බලපෑම පවතින්නේ පසුපස ආසනවල පවතින බවත්,
  • එමෙන්ම පසුපස කොටසේ සිට සුළං දහරාවන් සුළියක් සේ කැරකෙමින් බස්රථයේ ඉදිරිපසට හමා ඒමක් සිදුවන බවත්,
  • මෙම ක්‍රියාවලිය නිසා එක් ආසාදිතයෙකු බසය තුළ සිටියහොත් ඔහු වෙතින් නිකුත්වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් කරන මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි බවත්,
  • බස්රථයක් තුළ සිටගෙන යාමෙන් වෛරසයට ගොඳුරුවීමේ වැඩි ඉඩක් පවතින බවත්ය.

ආසන ගණනට මගීන් ගෙනගියද සෑම මගියෙක්ම මුඛ ආවරණ පැළඳ සිටීම මෙන්ම විෂබීජනාශක මගින් අත්පිරිසිදු කරගැනීම අතිශයින්ම වැදගත් බවයි එම පර්යේෂණ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *