Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මත්තල හා රත්මලාන අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා නව යෝජනාවලියක්

මත්තල හා රත්මලාන අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා නව යෝජනාවලියක්

මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ. මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බළධාරීහු පසුගිය කාලය තුළ සාකච්ඡා කීපයක් ම පවත්වා තිබේ. එහි දී එම ගුවන් සමාගම් ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගනිමින් නව යොජනාවලිය සැකසුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනයේ දී ප්‍රධාන උපාය මාර්ගික අංශ 04 ක් රජය හදුනාගෙන තිබේ. කලාපීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ප්‍රවර්ධනය, ගුවන් යානා නඩත්තු සේවාවන් සදහා ප්‍රවර්ධනය, තාක්ෂණික නැවතුම් හා සේවා ප්‍රවර්ධනය , භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ප්‍රවර්ධනය මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් රජය හදුනාගෙන ඇති උපාය මාර්ගික අංශ 04 යි.

ජාත්‍යන්තර ව්‍යාපාරික ජෙට් යානා සදහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් දියුණු කිරීම, කලාපයේ ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම, කලාපීය ගුවන් තොටුපළ මෙහෙයුම් සිදු කිරීම රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය සදහා හදුනාගෙන ඇති ක්ෂේත්‍ර වේ.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආගමන බද්ද ලිහිල් කිරීම, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සංක්‍රමණික සේවකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගාස්තු සදහා වට්ටම් ලබා දීම, බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීම, මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවල සහනදායී ඉන්ධන මිල ගණන් පිරිනැමීම ගුවන් සමාගම්වලට මෙම ගුවන් තොටුපළ දෙකෙහි ගුවන් යානා ගොඩ බෑමේ හා නතර කර තැබීම වෙනුවෙන් සහන සැලසීම යන යෝජනා ක්‍රියාත්මක කිරීමට ඒ අනුව රජයේ අවධානය යොමුව තිබේ.

යෝජනාවලිය සැකසුණේ මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවයි. කැබිනට් අනුමැතිය ලැබුණු වහා ම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඉතා කඩිනමින් මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අපේක්ෂා කරන බවත් අමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *