මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්න සූදානම්

නැගෙනහිර පළාතේ මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නා බවත් එය පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.

මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතර ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුලත්. ශරියා නීතිය හෝ මොකක් වුණත් ඒ පිලිබඳ සොයා
බලන අතර විෂයේ නම වැදගත් නොවන නමුත් එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතු බවත්, මෙම ආයතනය උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හා උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් පවරා නැති බවත් එය පාලක මණ්ඩලය යටතේ පෞද්ගලික ආයතනයක් හැටියට නොතබා රජයට පවරගෙන අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතයට ගැනීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *