Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මඩකලපුව කැම්පස් එකට මුදල් කොහෙන්ද?

මඩකලපුව කැම්පස් එකට මුදල් කොහෙන්ද?

මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ විය.

2016 ජනවාරි මස දී බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආරම්භ කළ ගිණුමේ බලයලත් නිලධාරින් ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා යන නම් සඳහන් ව ඇති බව සාක්ෂිකාරිය පැවසුවාය.

කොල්ලුපිටියේ අදාළ රාජ්‍ය බැංකු ශාඛාවේ Batticaloa Campus නමින් ජංගම ගිණුම් 2ක් සහ එක් සි(Z)යා ගිණුමක් ඇති බවත්
මෙම ගිණුමට අවස්ථා 7කදී රුපියල් මිලියන 3640කට වැඩි මුදලක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවත් එම අවස්ථා 7 දීම මුදල් බැර කර ඇත්තේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි නම් තැනැත්තෙකු විසින් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තවද උක්ත ගිණුම ආරම්භ කිරීමේ අරමුණ වූයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම බවත් ඒ පිළිබඳව තමන් මාධ්‍ය ඔස්සේ දැනුවත් වීම නිසාවෙන් එතනින් එහාට සොයාබැලීමක් සිදු නොකල බවත් මෙම ගිණුමෙන් අවස්ථා රැසකදී චෙක්පත් මගින් රුපියල් මිලියනයකට වඩා වැඩි මුදල් ලබාගැනීම් රැසක් සිදුකර ඇති බවත් හිටපු කළමනාකාරිණිය පැවසුවාය.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා, ඇයගෙන් විමසා සිටියේ රුපියල් මිලියනයකට වැඩි මුදල් ගැනීමක් එකවර සිදුවෙනවා නම් මහබැංකුව දැනුවත් කළා ද.? යනුවෙනි

මේ පිළිබඳව මහ බැංකුවට වාර්තා කර නොමැති බවත්,ඇය ඒ පිළිබඳ ප්‍රධාන ශාඛාවේ අනුකූලතා අංශය දැනුවත් කළ නමුත් ප්‍රධාන ශාඛාවෙන් මහබැංකුව දැනුවත් කර නොමැති බවත් මහ බැංකුවට මේ පිළිබඳ දැනුම් දී ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව යැයි ද සාක්ෂිකාරිය පිළිතුරු දුන්නාය.

තවද හිස්බුල්ලා  මහතා ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් නමින් 1993 අගෝස්තු 18 ජංගම ගිණුමක් විවෘත කර ඇති බවත්,

උක්ත ගිණුමට අවස්ථා 5 කදී විදේශ ප්‍රේෂණ ලෙස රුපියල් මිලියන 313 කට අධික මුදලක් ලැබී තිබෙන බව සාක්ෂිකාරිය පවසා සිටියාය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *