මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් යළි සලකා බැලීම හෙටට කල්යයි

මහ මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුර විභාගය හෙට (19) පෙරවරු 10.00 තෙක් කල් දමා තිබේ.

අදාළ පෙත්සම් සළකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් නීතීඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතාගේ දේශන අද දින අවසන් කළ අතර දෙවන පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා හෙට දින කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *