ලෝක වෙළෙද පොලේ බොර තෙල් මිල ගණන් තව දුරටත් අඩුවේ

කොරෝනා වයිරසය හේතුවෙන් පහළ යමින් තිබෙන ලෝක බොරතෙල් ඉල්ලුම හමුවේ තෙල් මිල ගණන් ඊයේ (06) වන විට තව දුරටත් පහත ගොස් තිබේ. ඒ 10% කට ආසන්න අගයකින්.

තෙල් නිමැවුම සීමා කරන්නැයි ද ඔපෙක් සංවිධානය පසුගිය දා නිර්දේශ කළ අතර එය ප්‍රමාද කරන්නැයිද රුසියාව ඉල්ලා ඇත. ඔපෙක් සංවිධානය තුළ සිටින රුසියාවේ මිත්‍ර රටවල් එම ඉල්ලීම කර තිබිණි.

උතුරු මුහුදින් ගන්නා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 9%ක අගයකින් පහළ ගොස් ඩොලර් 45.28ක් දක්වාත්, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් හි බොරතෙල් බැරලයක මිල 10%ක අගයකින් පහළ ගොස් ඩොලර් 41.28 ක් දක්වාද පහත වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *