Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

බහුකාර්ය සංවර්ධන බලකා ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය ඉල්ලයි

බහුකාර්ය සංවර්ධන බලකා ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය ඉල්ලයි

අප රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී.
ව්‍යාපෘතියේ ආරම්භය අරමුණු සහ ක්‍රියාකාරිත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිසම වෙත ඊයේ (06) ලිපියක් යැවූ බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්වාරච්චි මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද නාම යෝජනා කැඳවා නැති බැවින් උක්ත කාර්යයට අවසර දෙන ලෙස දැනුම් දුන්නේය. ලිපියේ සඳහන් පරිදි බහුවිධ සේවා සැපයුම්කරුවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් ස්ථාපනය කිරීමට 2019 දෙසැම්බර් 10 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කෙරිණ. සංචිතයට පිරිස බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම මේ වසරේ ජනවාරි 20 වැනිදා පළ කරන ලදි. අනතුරුව පෙබරවාරි මස අවසන් සතියේ දී ආරම්භ වූ සම්මුඛ පරීක්ෂණ දැන් අවසන් කර තිබේ.

සංචිතය කළමනාකරණය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට ජනවාරි 03 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට පෙබරවාරි 18 වැනිදා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිණ. ජනාධිපති කාර්යාලය රුපියල් කෝටි 115 ක ප්‍රතිපාදන වෙන් කළේය. නව දෙපාර්තමේන්තුවට රජයේ නිලධාරීන් අනුයුක්ත කර ගැනීම දැන් කළයුතුව ඇතැයි කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි අය අතරින් සුදුසුකම් ඇති ලක්ෂයක් බඳවා ගැනීම ද කළයුතුව තිබේ. එසේ බඳවා ගනුයේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහ නිපුණතා රහිත දුප්පත්ම පවුල් අතරිනි.

මේ කාර්යය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිට සිදු වෙමින් පවතින්නක් බැවින් එය ඉදිරියට ගෙන යාමට අනුමැතිය දෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *