බස් ධාවනය කිරීමට ඉන්ධන සහනය දෙන්න – ගැමුණු විජේරත්න

සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් පෞද්ගලික බස්රථ ධාවනය කිරීමට සූදානම් බවත්, එසේ ධාවනය කිරීම සඳහා ඉන්ධන සහනාධාරය ලබාදෙන ලෙසත් පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න රජයෙන් ඉල්ලීමක් කරයි.

ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගමන් වාර වැඩි කරමින් බස් රථ ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවත්, එසේම පෞද්ගලික බස්රථ ධාවනය කිරීමෙන් කිසිසේත්ම ලාභයක් බලාපොරොත්තු නොවන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *