පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (03) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු එම බෝම්බකරුවන් ගෙන්වා අන්තවාදී මතවාද ප්‍රචාරය කිරීම සදහා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම පුහුණු මධ්‍යස්ථානය රාජ්‍ය නොවන සංවිධානයක නමින් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම පුද්ගලයා එම සංවිධානයේ භාරකරු ලෙස කටයුතු කර ඇත. ඔහු කල්පිටිය 4 වෙනි හරස්වීදියේ පදිංචිකරුවෙක් බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *