අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවට එජාපයත් නොයයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (04) දිනයේ කැඳවා ඇති සාකච්ඡාව නොපැමිණෙන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සකත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය දන්වා සිටී.

එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ මෙම රැස්වීම සඳහා සහභාගීවිමට මීට පෙර තම පක්ෂය තීරණය කර තිබු නමුත්, මේ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම අනෙකුත් ක්‍රියාකාරි දේශපාලන නායකයින්ට ආරාධනා කර ඇති බැවින් අර්ථවක් සංවාදයක් පැවැත්විය නොහැකි බවටයි. මේ හේතුව මත මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි එක්සත් ජාතික පක්ෂය අදාල නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *