බස්නාහිර පළාත තුළ විශේෂ පොලිස් මෙහෙයුමක්

සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය 19 දා පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා පැය 12ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර සැකකරුවන් 755 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ අපරාධ සම්බන්ධ සැකකරුවන් 627ක් හා වරෙන්තුකරුවන් 128ක් ඒ අතර වේ.

බස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර සැකකරුවන් අදාළ පොලිස් බල ප්‍ර දේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *