බස්නාහිරින් පිටවීම තහනම් කිරීමත් සමගම බස් රථ හා දුම්රිය ධාවනයත් සීමාවේ

වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් මස 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිම පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිට විය නොහැකි බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

මේ අතර එම තීරණයත් සමගම අද (11) රාත්‍රී 10.00 සිට ලබන 15 වැනිදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල බලා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම සෞඛ්‍ය හේතුමත බස්නාහිර පළාත තුළ සිටින මගීන් රැගෙන යනු නොලබන ඊළඟ දුම්රිය නැවතුම්පොළේ සිට ගොඩවන මගීන්ට ගමනාන්ත දක්වා ගමන් කිරීමට හැකියාව ඇත. ප්‍රාදේශිය වශයෙන් ධාවනය කරනු ලබන සියලුම දුම්රිය කාල සටහන පරිදි ධාවනය කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දන්වා සිටී.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට ධාවනයවන බස් රථ සහ බස්නාහිර පළාතට පැමිණෙන බස් රථ ධාවන කටයුතු වහාම නතර කරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සියලු බස් රථ හිමියන්ගෙන් ඉල්ලී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *