කීර්තිනාමයට හානිවන ලෙස නිල ඇඳුමින් හැසිරෙන පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම්

පොලිසි​යේ කීර්තිනාමයට හානිවන අයුරින් පොලිස් නිල ඇඳුමින් සැරසී සමාජ මාධ්‍ය වල හැසිරෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්යාංශය, පොලිස් මාධ්‍ය කොට්ඨාසය හා පොලිස් ​තොරතුරු තාක්ෂණ කොට්ඨාස වෙත පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව මුහුණු පොත, යූ ටියුබ් හා ටික්ටොක්, වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පොලිසියේ කීර්තිනාමයට හානිවන ලෙස කටයුතු ප්‍රචාරය කරමින් හැසිරෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් පැනවීම හෝ සේවයෙන් පහකිරීමට ඉඩ ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *