LK reports news sinhala

වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණු නාවික හමුදා සෙබළුන් වෙනුවෙන් නීතිඥයෝ පෙරට එති

පුල්මුඩේ වෙරළ තීරයේදී අණ නොතකා ගමන් කළ ධීවර යාත්‍රාවකට වෙඩි තැබූ නාවික හමුදා සෙබළුන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව නීතීඥ සංවිධාන ජාතික එකමුතුව පවසයි.

එම සංවිධානයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පුල්මුඩේ වෙරළ තීරයේදී අණ නොතකා ගමන් කළ ධීවර යාත්‍රාවකට වෙඩි තැබූ නාවික හමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන සිර ගත කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව නීතීඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.

නීතීඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවූයේත් මෙවැනි වැඩ නිසා බවයි.

IS සංවිධානයේ පිරිසක් ලංකාවට පැමිණි බවට ඉන්දියාව විසින් අනතුරු අඟවා තිබියදීයි මෙය සිදු ඇති බව නීතීඥවරයා සඳහන් කළේය.

නීතීඥ මනෝජ් ගමගේ මහතා  මෙහිදී  කියා සිටියේ නාවික හමුදා නිලධාරීන් 12 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විමර්ශන කළ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

(උපුටා ගැනීම – අද දෙරණ / Image – aththa witthi)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *