LK reports news sinhala

ආපු බෝරාවරුන්ගෙන් ගියේ ටිකයිලු

බම්බලපිටිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැති බෝරා සමුළුවට පැමිණි පිරිසෙන් සියයට 90 කට ආසන්න පිරිස ක් ශ‍්‍රී ලංකාව තුළ තාවකාලිකව නතර වී ඇතැයි වාර්තා වේ.

බෝරා ප‍්‍රජාවේ මෙරට නියෝජිතයෙකු ප‍්‍රකාශ කළේ සමුළුවට පැමිණි සියයට 10 ක් පමණක් යළි සිය රටවලට ගොස් ඇති බවයි.

සෙසු පිරිස ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන බවත්, වැදගත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණ බවත්, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. බෝරා සමුළුවට පැමිණෙන විදේශිකයින්ගෙන් සියයට 50 ක් පමණ ශ‍්‍රී ලංකාවට පැමිණීයේම සංචාරය කිරීම ද අරමුණක් කර ගනිමින් බව ඔහු කියා සිටියා.

මෙරට සිටින සිය ඥාතීන් හමුවීම ද අරමුණක් කර ගනිමින් තවත් සියයට 10 ක පිරිසක් ශ‍්‍රී ලංකාවේ නතර වී ඇති බව අනාවරණය වී තිබේ.

ලොව පුරා වෙසෙන බෝරා ප‍්‍රජාව නියෝජනය කරමින් ශී‍්‍ර ලංකාවේ පැවැත්වුණේ 2019 ජාත්‍යන්තර බෝරා සමුළුවයි. ඉකුත් පළමු වැනිදා ආරම්භ වූ මෙම සමුළුව සැප්තැම්බර් 10 වැනිදා අවසන් විය.

රටවල් 40 ක පමණ ආධ්‍යාත්මික නායකයින් ඇතුළු 27,500 කට අධික පිරිසක් ඊට සහභාගී වුණා. මෙම සමුළුව හරහා ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 35 කට අධික විදේශ විනිමයක් හිමිවුනු බවට ද වාර්තා පළ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *