පොලිසිය ඇතුළු පිරිසක් අදත් තැපැල් ඡන්දය ප්‍රකාශ කරති

2019 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදත් සිදුවිය. ඒ අනූව පොලිස් නිලධාරින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අද අවස්තාව ලබාදී තිබීම හේතුවෙනි.

මැතිවරණ කොමිෂන් සභාව මගින් ඔවුන්ට සිය සේවා ස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබිණි.

ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරිම පසුගිය මස 31 වැනිදා ආරම්භ වූ අතර රාජ්‍ය සේවකයෝ පසුගිය මස 31 සහ 01 දිනයන්හි තැපැල් ඡන්දය ප්‍රකාශ කළහ.

අදාල දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද හිමියන්ට ලබන 07 වැනිදා ද තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී එම ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *