මේ දිනවල සාමාන්‍ය ජනතාව දැඩිව පීඩා විඳින ගෘහස්ථ ගෑස් අර්බුදයට විසඳුම් ලබාදීමට අපොහොසත් වී සිටින ආණ්ඩුව යළි බලයට පත් වුවහොත් රට තවත් අවුලෙන් අවුලට පත්වන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා මෙසේද කීවේය.
සාමාන්‍ය ජනතාවගෙන් වැඩි පිරිසක් එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිතා කරන ගෘහස්ථ ගෑස්වල හිඟයක් ඇතිවෙලා දැන් සති කිහිපයක් වෙනවා. මේ පිළිබඳව මට දිනපතාම ජනතාව ඇවිත් ඔවුන්ගේ දුක් ගැනවිලි පවසනවා. අපි ආණ්ඩු කරන කාලේ මේ වගේ අර්බුද ඇති වෙන්න ඉඩ තිබ්බේ නැහැ.
මේක සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි ආහාරපාන අලෙවිකරන කුඩා වෙළෙඳසල් හිමියන්ටත් බලපා තිබෙනවා. ගෑස් නැතිකමින් ඔවුන් වෙළෙඳසල් වසා දමලා. මේ ගැටලූව විසඳන්න බැරි ආණ්ඩුව නැවත බලයට පත්වුණාම ඉටුකරන බව පවසා රටේ ජනතාවට බොරු පොරොන්දු දෙනවා. සති කිහිපයක් තිස්සේ පවතින ගෑස් ප‍්‍රශ්නය විසඳගන්න බැරි ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ දෙන පොරොන්දු ඉටු කරන්නේ කොහොමද කියා ජනතාවට දැන් හොඳින් තේරිලා තියෙන්නෙ.
අද ගැස් නැව එනවා…… හෙට ගෑස් නැව එනවා… කිය කියා ආණ්ඩුව ජනතාව රවට්ටනවා. අද ආණ්ඩුවකුත් නැහැ ආණ්ඩුව කරන කෙනෙකුත් පේන්න නැහැ. ඒකෙන්ම මේ අයගේ නොහැකියාව පේනවා.
නෝමන් පලිහවඩන
divaina