Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පොලිස් මූලස්ථානයෙන් සියලුම පොලීසි වෙත දැනුම්දීමක්.

පොලිස් මූලස්ථානයෙන් සියලුම පොලීසි වෙත දැනුම්දීමක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ,පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බවයි.

ඔහු සඳහන් කළේ, යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය.

මේ අතර පොලිස් ස්ථානවල භාවිත කරන තොරතුරු පොත් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් භාවිත කිරීම සීමාකරන ලෙසය. එහිදී උපසේවක නිලධාරියා විසින් පමණක් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා තොරතුරු පොතෙහි සටහන් යෙදිය යුතු බවට ඉන් දැනුම් දී තිබේ.

කොවිඩ් -19 ව්‍යාප්ති වැළැක්වීමේ පියවරක් ලෙස එම තීරණය ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය විමර්ශන කටයුත්තක දී හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවකදීම පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් විසින් පමණක් භාවිත කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *