පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි අද සිට දැඩිව ක්‍රියාත්මක කෙරේ

පළාත් අතර සංචරණ සීමා තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම්ය.
අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින්ට සිය රාජකාරී හැදුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලීසිය පැවසීය.
මේ අතර වෙළදසැල් ඇතුළු අනෙකුත් ආයතන සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *