පෙර වර්ෂයකදී උසස් පෙළ පොදු පරීක්ෂණයට පෙනී සිටි සිසුන්ට විශේෂ නිවේදනයක්

මීට පෙර වර්ෂයකදී උසස්පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයට පෙනී සිටිමින් ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති විභාග අපේක්ෂකයින් හට එම ප‍්‍රශ්න පත‍්‍රය සදහා නැවත වරක් පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සදහා පෙර ලබාගත් ලකුණු ප‍්‍රමාණවත් වන බවයි. එමෙන්ම මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේද මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බොහෝ දෙනෙකු සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂය සම්බන්ධයෙන් විමසා සිටි නිසා බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *