Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය ශක්තිමත් කිරීමට රජය තීරණය කරයි

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය ශක්තිමත් කිරීමට රජය තීරණය කරයි

මුල් ළමාවිය සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළමුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ මෑත කාලීන උත්සුකයන් සැලකිල්ලට ගනිමින් නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිපාදන තවදුරටත් පුළුල් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

ඇය මේ අදහස් පළ කළේ මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය සමඟ පසුගියදා පැවැති හමුවකදීය.

පෙර පාසල් ඇතුළු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම පළාත් සභා යටතේ ස්ථාපිත පළාත් පෙරපාසල් ඒකකවලට පැවරෙන අතර ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් නියාමනය කරනු ලබන බව ඇමැතිවරයා කීය.

එවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වුවද, අනෙකුත් අධ්‍යාපන ආයතන සහ ව්‍යාපාර සමඟ එක්ව ඇතැම් මධ්‍යස්ථාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වීම හේතුවෙන් නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බව බලධාරීහු පෙන්වා දුන්හ.

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ පවත්වාගෙන යාම සඳහා පවතින සහ යෝජිත ප්‍රමිතීන් හිමිකරුවන්ට, භාරකරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට දැනුම් දෙන අතර, ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කාර්යක්ෂම මාර්ගගත ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *