පාසල්

පෙබරවාරි 03 කොළඹ පාසල් 15ක් වැසෙයි

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

පෙබරවාරි 04 වැනි දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික දින උළෙලේ ආචාර පෙලපාලියේ අවසන් පුහුණු කටයුතු එදින සිදු කිරීමට නියමිත අතර මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම පිණිස නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටා ඇති පහත නම් සඳහන් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

1- ඩී එස් සේනානායක විද්‍යාලය – කොළඹ
2- රාජකීය විද්‍යාලය – කොළඹ
3- තර්ස්ටන් විද්‍යාලය – කොළඹ
4- ‍යශෝධරා විද්‍යාලය – කොළඹ
5- මියුසියස් විද්‍යාලය – කොළඹ
6- සෙන්ට් බ්‍රිජට්ස් විද්‍යාලය – කොළඹ
7- Lady’s College – Colombo
8- Colombo International School – Colombo
9- Wycherley International School – Colombo

නිවාඩු ලබා දීම නිසා සිසුන්ට මඟහැරෙන ඉගැන්වීම් කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙස ද සියලු පාසල් ප්‍රධානීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේන බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *