දේශපාලන වශයෙන් යළි උපදින බව මෛත්‍රී කියයි

තමා යළිත් දේශපාඅන වශයෙන් උපදින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනපතිවරයා සිදුකළ මෙහෙය අගයමින් පොළොන්නරුවේදී සංවිධානය කර තිබූ උපහාර උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති එසේ ප්‍රකාශ කළේය.
තමාගේ ජනපති ධූරයෙන් ඉවත්වූ පසු ඇතැමුන් තමාගේ දේශපාලනය අවසන් බව සිතා සිටියත් එසේ නොවන බව හිටපු ජනපතිවරයා කීය.
මේ අතර එම උත්සවයට එක්වූ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කියා සිරියේ මීළග මහ මැතිවරණයෙන් ජනතා වරමක් ලබාදී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු යැවිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *