පුදුකුඩිඉරිප්පු සෝදිසි කිරීමකදි වලදා තිබූ ජීව අත්බොම්බ 18ක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ඊයේ (29) ‍‍‍‍පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදි පොළොව යට සඟවා තිබූ ජීව අත්බොම්බ 18ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙලෙස සොයා ගන්නා ලද අත්බෝම්බ අතර M75 වර්ගයේ ජීව අත්බෝම්බ 2ක් හා SFG87 වර්ගයේ ජීව අත් බෝම්බ 16ක් වේ. යුධ සමයේදී පළාගිය එල්ටීටීඊ සාමාජිකයින් විසින් මෙම ජීව අත්බෝම්බ මෙලෙස සඟවා තබන්නට ඇතැයි සැක පල කෙරේ. මෙම ජීව අත්බෝම්බ දහඅට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චි පොලීසිය විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *