නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකුට එරෙහිව සංශෝධිත අධි චෝදනා පත්‍රයක්

පාවෙන අවි ගබඩා සිද්ධියට සම්බන්ධව එහි සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව සංශෝධිත අධි චෝදනා පත්‍රයක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කලේ චෝදනා 882ක් යටතේ මෙලෙස චෝදනා ගොනු කර ඇති බවයි. ඇවන්ට් ගාර්ඩ් නඩුව පෙබරවාරි මස 10 වෙනිදා යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *