පෑළියගොඩ – කටුනායක අධිවේගය තාවකාලිකව වසා දැමේ

කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක ඇතිවූ ගින්න හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17.2 හා 18.1 කණුව ආශ්‍රිතව ඇතිවූ ගින්නක් නිසා මතුවූ දුම හේතුවෙන් මාර්ගය මෙසේ වසා දැමීමට කටයුතු කෙරිණි.

ජා – ඇල පිවිසුම හා කටුනායක පිවිසුම් වලින් වාහන ඇතුළු වීම නවතා දමා මෙම ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීමෙන් පසුව සවස 3.00 පමණ සිට පෑලියගොඩ සිට කටුනායක දක්වා වූ අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *