පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ බලප්‍රදේශයේ කොටසකට ද සැපයුම හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුමපෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

සපුගස්කන්ද විදුලි උප පොළෙ හි හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව හෙට පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *