පෑලියගොඩ ප්‍රදේශයේ නිවසකදී වෙඩි තැබීමකින් 32 හැවිරිදි පුද්ගලයෙක් මියයයි.

පෑලියගොඩ, කළු පාලම ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් මියගිය පුද්ගලයා ඔහුගේ නිවසේ සිටියදී වෙඩි තබා ඇති අතර, වෙඩි තැබීමත් සමඟ ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට සති කිහිපයකට පෙර ඇප මත බන්ධනාගාරයෙන් නිදහස් වූ අයෙකු බව පැවසූ පොලිසිය ඔහුට එරෙහිව පවරා ඇති මිනීමැරුම් නඩු කිහිපයක් මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බවද සඳහන් කළේය.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *