පාස්ටර් ජෙරොම් ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ආගම් සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රහස් පොලිසිය පසුගිය සතියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා (මැයි 14) දේවගැතිවරයා රටින් පිටව ගොස් ඇති බව අනාවරණය විය.

ජනාකීර්ණ සභාවක් ඉදිරියේ බුදු රජාණන් වහන්සේට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට චෝදනා එල්ල වීමත් සමඟ මෙම විදෙස් ගමන් තහනම ඉල්ලා තිබේ.

ඔහු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශන නිසා මෙරට බෞද්ධාගම අදහන පිරිස තුළ කැළඹීමක් ඇති වී තිබිණි.

මෙම කලබලකාරී තත්ත්වයත් සමඟ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *