Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් මීගමුවේදී සමාව ගනී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් මීගමුවේදී සමාව ගනී

පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් තමා රටෙන්  සමාව ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මීගමුවේ පැවැති ජන රැලියක් අමතමින් කියා සිටියේය.

පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම කණගාටු වන අතර කැබිනට් ඇමතිවරයෙකු ලෙස ඒ පිළිබඳව රටෙන් දැයෙන් සමාව ඉල්ලන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ප්‍රහාරය තුළින් විපතට පත් පවුල්වලට හා හානියට පත් දේවස්ථානවලට තමා පෞද්ගලිකව කණගාටුව පළ කරන බවයි. ජාතික ආරක්ෂාව අතින් ඉතා දැඩි ලෙස තීන්දු තීරණ ගෙන තමා රටේ නායකයා ලෙස කටයුතු කරන විට සිදුවන සෑම දේටම වෙන කෙනෙක් නොව තමා වගකීමක් බාර ගන්නා බව ද පැවසු සජිත් ප්‍රේමදාස මහතා, ත්‍රස්තවාදයට හා මිනීමැරුම්වලට වරදකරුවන් වු කිසිවෙකුට තමාගේ නම් කිසිදු සමාවක් නොමැති බවද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැලියට එක්වෙමින් කියා සිටියේ මේ රටට රූපවාහිනිය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි. තරුණයින්ට ඩෙනිම් ඇඳීමට හැකි වුයේ ද එක්සත් ජාතික පක්ෂය නිසා යැයි පැවසු අගමැතිවරයා පරම්පරා අතර සෑම විටම යම් වෙනසක් ඇතැයි ද පැවසීය. දේශපාලනඥයෝ ඇනලොග්-තරුණයෝ ඩිජිටල් යනුවෙන් ද පැවසු ඒ මහතා තරුණයින් සමඟ වේගයෙන් ගමන් කිරීමට නම් සියලු දෙනා ඔන් ලයින් විය යුතු යැයි ද කියා සිටියේය. ඒ ගමන යෑම සඳහා සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇතැයිද අගමැතිවරයා එහිදී පැවසීය.

අදහස් (1)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *