Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘මහින්දට ගෝඨාට එරෙහිව බොරු කියන්න රාජිත බලපෑම් කළා‘ – හිටපු ආමි කැප්ටන්ගෙන් පැමිණිල්ලක්

‘මහින්දට ගෝඨාට එරෙහිව බොරු කියන්න රාජිත බලපෑම් කළා‘ – හිටපු ආමි කැප්ටන්ගෙන් පැමිණිල්ලක්

මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු තානාපතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබා දෙන්නැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට බලපෑම් කළ බව පවසමින් හිටපු යුද හමුදා සෙබළෙක් ඊයේ(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2012 වසරේදී ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ ආයුධ භාරකරු ලෙස කටයුතු කළ බව පවසන කැප්ටන් උදය දිසානායක මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි පැමිණිල්ල ගොනුකළේය.

මෙහිදී අදහස් දක්වමින් කැප්ටන් උදය දිසානායක මහතා පවසා සිටියේ, අතීතයේ රාජිත සේනාරත්න මහතා සමඟ සමීපව කටයුතු කළ බවයි. රාජිත අමාත්‍යවරයා ඇමෙරිකානු තානාධිපති කාර්යාලයට ගොස් අයි.එස්. එකට ගෝඨාභය මහතා ආයුධ ලබා දෙන බව පවසන ලෙස කියා සිටි බවත් සඳහන් කර සිටි අතර ඒ සියලු බොරු චෝදනා හඬ පටිගත කර ඇතැයි ද පැවසීය.

එනිසා රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි පැවසීමට මෙලෙස පැමිණිලි කිරීමට පැමිණි බවත් කියා සිටි ඒ මහතා, සුදු වෑන් වගේ අමූලික බොරු ඔවුන් ගොතමින් සිටින බවත් ඔහු කියා සිටියේය. ඇමතිවරු පස්දෙනකුට එන්තරවාසී තමා විසින් යවා ඇතැයි ද පැවසු දිසානායක මහතා, ඔවුන්ගේ සියලු හොරකම්වල සාක්ෂි තමා ළඟ ඇති බවත් පැවසීය. අගමැතිවරයාගේ සිට සියලු දෙනාගේ හඬ පටි තමා ළඟ ඇති බවත් පැවසු ඒ මහතා, මැතිවරණය පරාජය වු පසු රාජිත සේනාරත්න මහතා ඇමෙරිකාවට යෑමට සුදානමක් ඇතැයි ද කියා සිටියේය.

තමාට ද ඒ සඳහා කථා කර ඇතැයි පැවසු ඒ මහතා, රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ සමඟ සිදුකරනු ලැබු යැයි පවසන දුරකථන සංවාදයක්ද  මාධ්‍යට මුදා හැරියේය.

කැප්ටන් උදය දිසානයක : මම කැප්ටන් උදය කතා කළේ මැඩම්.ඇවන්ට් ගාඩ් එකේ

ඇමති රාජිතගේ බිරිඳ : මොනවද අපිට කරන්න පුළුවන්?

කැප්ටන් උදය දිසානයක :
ඉතිං බලන්න මැඩම් මම සර් වෙනුවෙන් සිංගප්පූරුවෙත් ගියා ඔපරේෂන් එකට මතකයිනේ මැඩම්. මගේ පුද්ගලික සල්ලි වියදම්කරලා මම සිංගප්පූරුවෙත් ගියා මැඩම් හොස්පිටල් එකටත් ගියා. මැඩම් මොකක්ද කරන්න පුළුවන්, සර්ට පොඩ්ඩක් කියනවාද මං ගැන පොඩ්ඩක් බලන්න කියලා

ඇමති රාජිතගේ බිරිඳ :
හරි හරි මං කියන්නම්කෝ. දැන් ඔළුව ගිනි අරන්නේ ඉන්නේ.

කැප්ටන් උදය දිසානයක :
දැන් කොහොමත් ඔළුව ගිනි අරන්වගේ ඉන්නේ නේද? යනුවෙන් එම සංවාදය ගොඩ නැඟිනි.

මෙවැනි පුද්ගලයින් ඇමතිවරු නොව ඇමති හොරු බවද පැවසු ඒ මහතා තමා ළඟ තබා ගෙන ඇවන්ට්ගාඩ් හිමිකරුගෙන් කප්පම් ගත් බවත් පැවසීය.

(උපුටා ගැනීම – අද දෙරණ)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *