5,000 දීමනාව මැයි මාසයටත් ගෙවීමට ජනපතිගේ අනුමැතිය

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

මැයි මස දීමනාව ගෙවීම අද (04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කෙරේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැඟින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය.

මේ කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයටද දීමනාව හිමි වෙයි. මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම අද ආරම්භ කොට පොහොය දිනයට පෙර අවසන් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *