ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය අගමැතිගෙන් විසඳුම් ඉල්ලයි

ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (12) දිනයේ පවත්වයි. ඒ සිය රාජකාරී කටයුතු සඳහා එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා ගැනීමේ අරමුණින්.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසන්නේ තම ගැටලු වලට ලිඛිතව හෝ නිසි විසඳුම් නොලැබුණ හොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ පරිවාස කාලය සම්පූර්ණ නොකළ ග්‍රාම නිලධාරීන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පීඩාවට පත් ජනතාව ගෙවිය යුතු දීමනාවලට අදාළ මුදල් ද ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පරිපාලන නිලධාරීන් විසින් මෙලෙස ග්‍රාම නිලධාරීන් වෙත ගෙනවිත් දී ජනතාව වෙත ගෙවන්නැයි බලපෑම් කර ඇති බවටයි නෙවිල් විජේරත්න මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *