පාසල් ආසන්නයේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමඟ පාසල් සිසුන් 47 දෙනෙකු අත්අඩංගුවට…

බස්නාහිර පළාතේ පාසල් ආසන්නයේ ඊයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී මිරිහාන ප්‍රධාන පෙළේ පාසලක 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු 47 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාතේ පාසල් 149ක් ආසන්නයේ පෙරවරු 6.30 සිට පස්වරු 2.30 දක්වා මෙම වැටලීම් සිදු කළ බව ය.

වැටලීමේදී මාවා කිලෝග්‍රෑම් 1.260 ක්, හෙරොයින් මිලිග්‍රෑම් 9.630 ක් සහ ICE මිලිග්‍රෑම් 2.38 ක් සහ ගංජා ග්‍රෑම් 207 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගංජා සන්තකයේ තිබී පාසල් සිසුවා අත්අඩංගුවට ගත් බව ය.

පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඔවුන් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *