උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 8ක්…

තම නිවෙස්වලට සහ ගම්වලට පැමිණෙන මගීන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමයේදී විශේෂ දුම්රිය ගණනාවක් ක්‍රියාත්මක කරනු ඇත.

සාමාන්‍ය දුරගමන් සේවා දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය 8ක් සේවයට එක් කෙරේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය 03ක් සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා තවත් දුම්රිය 03ක් ධාවනය කෙරේ.

මේ අතර කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රියක්ද කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා තවත් දුම්රියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව එම විශේෂ දුම්රිය අද සිට ක්‍රියාත්මක කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *