බස්නාහිර පළාතේ පාසල් 149ක් ආසන්නයේ බ්‍රහස්පතින්දා (දෙසැ 22) සිදුකළ වැටලීමකදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර 17 හැවිරිදි සිසුවෙකු ද වන බවයි පොලිසිය පවසන්නේ.
මෙම සතිය මුලදීද බස්නාහිර පළාතේ පාසල්වල මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේ විශේෂ මෙහෙයුමකදී 75 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.