පාසල් ආශ්‍රිත මත්පැන් සම්බන්ධ ක්‍රියාකාරකම් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

පාසල් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගුරුවරුන් , මව්පියන්, ආදී සිසුන් , වත්මන් සිසුන් සතු තොරතුරු පොලිසියට දැනුම් දීම සදහා විශේෂ හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ලබන 20 වැනිදා සිට 0777128128 දරණ දුරකතන අංකය ඔස්සේ එම තොරතුරු ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් හා ප්‍රාදේශීය පොලීස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණි. බස්නාහිර පළාතේ පාසල්හි දරුවන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රජා මූලික වැඩසටහනක් මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *