Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ෆවුසි අතේ තීරණයට එරෙහිව අධිකරණයට යනවාලු

ෆවුසි අතේ තීරණයට එරෙහිව අධිකරණයට යනවාලු

තම පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණයට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි.

තමන් වසර 44ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙන්ම දිගු කලක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කළ බව කී මන්ත‍්‍රීවරයා පක්‍ෂ සාමාජික ගාස්තු ද මේ දක්වා අඛණ්ඩව ගෙවා තිබෙන බව කියා සිටී.

මන්ත‍්‍රීධූරයෙන් තමා ඉවත්කිරීමට පක්‍ෂය උත්සාහ කරන්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට යාම සඳහා නම් ඒ වෙනුවෙන් තමාගෙන් ඉල්ලීමක් කරන්නට තිබූ බව ෆවුසි මන්ත්‍රීවරයා කියා තිබේ. අසාධාරණ ලෙස පක්‍ෂයෙන් ඉවත් නොකර එවැනි ඉල්ලීමක් කළේ නම් මන්ත‍්‍රීධූරය අත්හැරයාමට තමන් දෙවරක් නොසිතන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මේ බව පැවසුවේ ඔහු පක්‍ෂයෙන් ඉවත්කිරීමට කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් සිදුකළ විමසීමකය පිළිතුරු ලෙසිනි.

(Image – Fast News)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *