පාර්ලිමේන්තුවත් ONLINE වන ලකුණු

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථමවතාවට එහි රැස්වීම් ඇතුළු සිදුකෙරෙන අනෙකුත් කටයුතු අතරින් වැඩි ප්‍රමාණයක් මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට කටයුතු සකසමින් තිබෙන අතර, ඒ සඳහා වන මූලික සාකච්ඡාව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පනතක් හෝ යෝජනාවක් සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවක, මන්ත්‍රිවරයකුට තමා සිටින ස්ථානයේ සිටි ඔන්ලයින් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන අතර, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සහ උපදේශක සභා රැස්වීම්වලටද මන්ත්‍රිවරුන්ට සහභාගි වීමට ඉඩ සැලසෙනු ඇති බවට වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළට පැමිණෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අඩු කෙරෙන අතර, අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් කැඳවීමටත් සෙසු නිලධාරීන් නිවෙසේ සිට රාජකාරි කිරීමටත් කටයුතු කෙරෙනු ඇති බවට වාර්තා වේ. එමෙන්ම පාර්ලිමේන්තු භෝජනාගාරය සම්පූර්ණයෙන් වසා දැමීමටත්, රාජකාරි සඳහා පැමිණෙන පිරිස සිය දිවා ආහාරය රැගෙන ආ යුතු බවටත් තීරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *