Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

“පාක් ඇන්ඩ් රයිඩ්” සුඛෝපභෝගී බස් සේවාව ලබන ජනවාරියේ සිට

“පාක් ඇන්ඩ් රයිඩ්” සුඛෝපභෝගී බස් සේවාව ලබන ජනවාරියේ සිට

“පාක් ඇන්ඩ් රයිඩ්” (Park & Ride) නමින් නගරාශ්‍රිත සුඛෝපභෝගී බස් සේවාවක් ජනවාරි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මාකුඹුරෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම බස් සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

ජනපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ ජනතාවට සිය පෞද්ගලික වාහනයෙන් රථගාල වෙත පැමිණ එම වාහනය රථගාලේ නවත්වා, එතැන් සිට වායුසමනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකින් නගරය වෙත ගොස් තම අවශ්‍යතා ඉටුකර ගෙන යළි රථ ගාල වෙත පැමිණීමට හැකි ලෙස මෙම නව බස් සේවාව ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ වනවිට මෙම සේවාව සදහා මාකුඹුරේ සහ නාවින්නේ රථගාල් ඉදිකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බවත්, ඒ සඳහා බස්රථ ඇනවුම් කර ඇති අතර, එම බස් රථ මෙරටට පැමිණෙන තෙක් සංචාරක ප්‍රවාහනය කළ බස් රථ කුලී පදනම යටතේ ලංගම වෙත ලබා ගන්නා බවද හෙතෙම කීවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

“මගීන්ට පහසුවෙන් හා ආරක්ෂිතව බස් රථයේ ගමන් කරන්න හැකි විදියට එහි ආසන පේළියක් හැර පේලියක් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් වෛරසය විනාශ වන විශේෂ රසායනිකයක් එකතු කළ තීන්ත වර්ගයක් බස් රථයේ ඇතුළත ආලේප කරනවා. ඒ වගේම මේ බස් රථවල ටිකට්පත් මිලට ගන්න ලංගම මගින් විශේෂ ඇප් එකක් හඳුන්වා දී තිබෙන නිසා මුදල් භාවිත කිරීමකින් තොරව ඊ ටිකට්පතක් මිලදී ගෙන එහි ගමන් කළ හැකියි”. යැයි අමාත්‍යවරයා පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *