“තම්බපවනි” සුළං විදුලිබලාගාරය අද ජාතික පද්ධතියට

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය අද (08) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අතින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති තම්බපවනි සුළං බල උද්‍යානය ඉදිකිරීමේ දී ප්‍රධාන කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන තිබේ. මෙය 100%ක් ම පරිසර හිතකාමී අයුරින් ඉදිකර ඇති අතර පාරිසරික හානි ඇතිවීම වළක්වාගැනීම පිණිස සාමාන්‍යයෙන් සුලං විදුලිබලාගාරවල නැති රේඩාර් පවා සෑම සුලං පෙත්තකම නිර්මාණය කර ඇත.

ජාතියට දායාද කිරීමට නියමිත මෙම සුළං බල ව්‍යාපෘතිය මගින් මෙගවොට් 103ක ධාරිතාවක් විදුලි බල පද්ධතියට මුදාහැරීමට අපේක්ෂිතය. මේ සඳහා වෙන් කර ඇති ඩොලර් මිලියන 141ක සමස්ත ආයෝජනය තුළ ඉතිරිව ඇති මුදලින් තවත් ටර්බයින් යන්ත්‍ර 06ක් යෙදවීමටද ඉදිරියේ දී කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිත බවටද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *