ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලාංකීය සාහිත්‍ය හා සංගීත ක්ෂේත්රයේ ගෞරවයට පාත්‍ර වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා සඳහන් කළේ, මෙම ඉල්ලා අස්වීම පෞද්ගලික හේතූන් මත, විශේෂයෙන්ම වයස සම්බන්ධ කරුණු හේතුවෙන් ගත් තීරණයක් බවයි.
එය ජනාධිපතිවරයා හෝ රජය කෙරෙහි විශ්වාසය අහිමි වීමක් හේතුවෙන් ගත් තීරණයක් නොවන බවද ඔහු අවධාරණය කළේය.
ඔහුගේ ඉල්ලා අස්වීම අගෝස්තු 11 වන දින සිට බලපැවැත්වේ.


