දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාමය විධිවිධාන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා බදාදා ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරය අතරතුර මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සංචාරය අතරතුරදී දෙරට අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන්ද මිස්රි මහතා සාකච්ඡා කර ඇති අතර, අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු කඩිනමින් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා තිබේ. දෙරටේ ද්විපාර්ශ්වික යාන්ත්‍රණ හරහා දීර්ඝකාලීන ධීවර ගැටලුව විසඳීමට කටයුතු කරන අතරතුර මානුෂීය ප්‍රවේශයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද ඔහු පවසා ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා නායකත්වය පළාත් සභා මැතිවරණ “කඩිනමින්” පැවැත්වීමට ලබාදී ඇති පොරොන්දුව ක්‍රියාත්මක කරන ලෙසත්, දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ විධිවිධාන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් මිස්රි මහතා ඉල්ලා සිටි බවයි.
2024 දෙසැම්බර් මාසයේදී නිකුත් කළ ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් පරිදි, ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර වන කිසිදු ආකාරයක කටයුත්තක් සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් සහතිකයද ඉන්දීය විදේශ ලේකම්වරයා පිළිගෙන තිබේ.
මෙම සංචාරයේදී මිස්රි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විදේශ අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ සහ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්රජාවන්ගේ නියෝජිතයන් හමුවී තිබේ.
යටිතල පහසුකම්, බලශක්ති, දුම්රිය, සෞඛ්‍ය, ආපදා කළමනාකරණය සහ ආර්ථික ව්‍යාපෘති ඇතුළු දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර ඇති අතර, ඉන්දියාවේ “Neighbourhood First” ප්‍රතිපත්තිය සහ Vision MAHASAGAR යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඉන්දියාව යළි අවධාරණය කර ඇත.


