පකිස්ථානු කණ්ඩායමේ “නසීම් ෂා” කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලම ක්‍රිකට ක්‍රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන වේගපන්දු යවන නසීම් ෂා ඊයේ(09) සමත් වුණි. ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදීයි. තරගයේ තුන්වන දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුළු 3ක් දැවී ලකුණු 342ක් රැස් කරගෙන සිටියේය.

පාකිස්ථාන ඉනිමට තවත් ලකුණු 202ක් එක්වෙද්දී ඔවුන්ගේ සියළු පිතිකරුවන් දැවීගියේ පළමු ඉනිම ලකුණු 445කට සීමා කරමින්. පාකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 143ක් රැස් කළේය.

අනතුරුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ නජ්මුල් හුසේන්, ටයිජුල් ඉස්ලාම් සහ මහමදුල්ලා රියාද් දවාගනිමින් ටෙස්ට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස නසීම් ෂා වාර්තා අතරට එක්විය. ඊයේ දිනය සඳහා තරගය නතර කරනවිට බංග්ලාදේශය සිය දෙවන ඉනිමට කඩුළු 6ක් දැවී ලකුණු 126ක් රැස් කරගෙන සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *