අවුරුදු

නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන පරීක්ෂණයක්

නුවරඑළිය මහනගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ඊයේ (25) අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි.

එම මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවය පවත්වා තිබුනේ ඒ මහනගර සභාවේ සේවකයින් සඳහාය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසුවේ, පවතින කොවිඩ් අවදානම නොතකා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් පැවැති එම අවුරුදු උත්සවය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස්වලට පටහැනිව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවය.

නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගී වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලිලීටර් 175ක බෝතලයක් ලබා දී ඇති බවටද තමන්ට තොරතුරු ලැබී ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

ඒ පිළිබඳව ද තම අවධානය යොමුවී ඇති බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *